Go back හුස්මට හුලගත් Husmata hulagath.. Music : සෝමපාල රත්නායකSinger : ලා තණකොළපෙත්තාස් (දොස්තර හොඳහිත ගායක කණ්ඩායම) Listen this song watch song More songs Lyrics හුස්මට හුලගත් ගින්නට හෙවනත් ගස් අතු අතරෙනි එන්නේ කන්නට රස ගෙඩි පලවැල අලකොල ගස මැදිකරය හැදෙන්නේ දිය සීරාවද වැස්සද පින්නද ගස්මුල් යටය තියෙන්නේ අම්ම තාත්තා වගේ රැකිය යුතු ගහ කොළ ඇයි වනසන්නේබෝරුක පිදුමට බුදුගේ වැදුමට ගැස්මය මල් පුබුදන්නේ ගහකම ලීයක් පොරෝ මිටට ගෙන ගහටම නොවෙද කොටන්නේ මුල පෙරලන්නට වල හාරන්නා ඒ වල කාට කපන්නේගහක් නොවෙයි මතු අනාගතෙයි අපි ඒ වල තුලට වැටෙන්නේමිනිසා ලොව උපදින්නට පෙර දී මිහිපිට ගහකොළ හැදුනේ ඒ වැඩිමල්කම ගරු කොට සලකා ගස රැක ගත යුතු වන්නේ කැපීම ලේසියි හැදුම අසීරුයි ඒ පොදු දම සිතමින්නේ ගසක් කපූ පව ගෙවා දමන්නට පැල දහසක් වවපන්නේහුස්මට හුලගත්…… ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්තනුව සහ සංගීතය : සෝමපාල රත්නායකගායනය : තණකොළපෙත්තාස්(දොස්තර හොඳහිත ගායක කණ්ඩායම)