Premakeerthi de Alwis

ආත්ම ගණනක සිතුවිලි අතරේ

Athma gananaka sithuvili athare

Music : Sarath Balasooriya
Singer : Srimathi Thilakarathna

watch song

Lyrics

ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙඅතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසු වන්නේ…

සඳ වත පායන රෑ කල අහසේ
කැළතී කැළතී සිත් යහනේ
මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙ ද
පාලුව තනිකම පටළාලා…

මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවන ද ඔබෙ ප්‍රේමේ…

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් බාලසූරිය
ගායනය: ශ්‍රීමතී තිලකරත්න

Scroll to Top