අඳුර බිදින්නට රැයක් දවාලු
Andura bidinnata.....
Lyrics : ප්‍රේමකීර්ති ද අල්විස්
Music : ආචාර්ය වික්ටර් රත්නායක.
Singer : ආචාර්ය වික්ටර් රත්නායක.
චිත්‍රපටය : මාතර ආච්චි
තිරගත වූ දිනය : 1973 ජනවාරි 11
ඉදිරිපත් කිරීම : සීීමාසහිත දෙවිඳු චිත්‍රපට
කතාව, දෙබස් සහ තිර නාටකය, අධ්‍යක්ෂණය : සතිස්චන්ද්‍ර එදිරිසිංහ
watch song
Lyrics
අඳුර බිඳින්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා…
මතකය නම් වූ මළපොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොලවාගත්
දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත
හිස් බවකිය ඇත්තේ…
සමුදුර ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන හදවිත සපුරාගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමණයි
පිළිසරණය වන්නේ…
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක.
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක.
තනුව සහ සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක.
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක.