Mal tharuna samaya
මල් තරුණ සමය
Music :   ගුණදාස කපුගේ
Singer :   ගුණදාස කපුගේ, කාන්ති වික්‍රමසිංහ ඇතුළු පිරිස

මල් තරුණ සමය ...

මල් තරුණ සමය
රන් මසුරන් වටිනා නිසා
කිසි දිනක නොයනු
සොහොයුරනේ ගැතියන් නියා...//

ඔබෙ අතමයි හෙට දවසේ
මගෙ රට දියුණුව ඇත්තේ
අද අඳුරෙහි ඔබ ගිලුනොත්
මගෙ රට පර හට අත්වේ...//

සැම තප්පරයක් පාසා
දැය දියුණට සිත ගත පා...//
එන්න සොයුර එන්න මිතුර
පෙරට පා තබා...//

දැය දිනුවොත් අපි දිනුවා
මුළු ලොව අප හට යට වෙ
ලොව දිනුවත් අප පැරදී
මොකටද පළ නැත සොයුරේ...//

එනු මැන සොයුරනි අප හා
නැගුමට ඔබ දිනු රට දැය...//
එන්න සොයුර එන්න මිතුර
පෙරට පා තබා...//

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ගුණදාස කපුගේ
Singer :   ගුණදාස කපුගේ, කාන්ති වික්‍රමසිංහ ඇතුළු පිරිස