Kurullanta gee hadanna gahata
කුරුල්ලන්ට ගී හදන්න
Music :   රෝහණ වීරසිංහ
Singer :   වික්ටර් රත්නායක

කුරුල්ලන්ට ගී හදන්න ...
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොලට පාට එන්න
වීසි කලෙමි හදේ තිබුනු
ආදරයයි කරුණාවයි
කාටවත් නොදී

විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දර සිටි හන්දා

කුරුල්ලන්ට ගී...
කුරුළු ගීත මට ඇහුනා
ගහේ කොලේ මල් පිපුනා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුනා

කුරුල්ලන්ට ගී...
Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   රෝහණ වීරසිංහ
Singer :   වික්ටර් රත්නායක