Maa ekkala amanapawa vee
මා එක්කලා අමනාප ව වී
Music :   ඔස්ටින් මුණසිංහ
Singer :   මාලිනී බුලත්සිංහල

මා එක්කලා අමනාප ව වී...
මා එක්කලා අමනාප ව වී දබර
දූ ගේ තාත්තා එන්නේ නැහැ ගෙදර.....

වැලි පොල්කටුයි හැඳි රෑනයි පෙරලා ලා
මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළිවෙන තුරා ඉමු මිදුළට වී ලා....

හඳ මාමා නැඟෙන තරු ගනිමූ
දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ
හඳ මාමා අත ම ඒ පණිවුඩ යවමූ...
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිඳිමූ....

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ඔස්ටින් මුණසිංහ
Singer :   මාලිනී බුලත්සිංහල