Nilwan muhudu theere
නිල්වන් මුහුදු තීරේ
Music :   ස්ටැන්ලි පීරිස්
Singer :   ඩෙස්මන්ඩ් ද සිල්වා

නිල්වන් මුහුදු තීරේ...

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ...

මා එතර ආ දා ඈ නැවත ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ
මා හා තුරුළු වී ලා දෑසේ කඳුළු බීලා
රහසේ සුසුම් ලෑ හඬ ඇසේ...

රෑ සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
ගෑ ඒ සුවඳ වීදේ මූණේ තව ම මාගේ
නෑ මා පිසින්නේ නෑ මුව මගේ...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ස්ටැන්ලි පීරිස්
Singer :   ඩෙස්මන්ඩ් ද සිල්වා