Sath Dinakin Obe Katahanda
සත් දිනකින් ඔබෙ කටහඬ මට ඇසුණේ නෑ
Music :   උපාලි කන්නන්ගර
Singer :   චන්ද්‍රකුමාර කඳනආරච්චි

(චන්ද්‍රකුමාර කඳනආරච්චි


සත් දිනකින් ඔබෙ කටහඬ මට ඇසුණේ නෑ...

සත් දිනකින් ඔබෙ කටහඬ මට ඇසුණේ නෑ
අඟුලු වැටී ඇත මගෙ දෙසවන්...
සත් දිනකින් ඔබෙ සොමි රුව මා දුටුවේ නෑ
අන්ධ වෙලා ඇත මගෙ දෙනුවන්....//

සඳ මෙන් වත් දුර අහසේ පෙනුණොත් සෑහේ
ලං වූවත් නූනත් කම් නෑ...
ගන අඳුරක් සේ මා වට නොරැඳී මෙලෙසේ
නොඉඳිනු මැන මිහිරියෙ මතු දා....

අප දෙදෙනයි අප දෙදෙනා හඳුනා ගත්තේ
වෙන කාගෙත් නෑ කම් පළ නෑ...
එක මොහොතක් මා දෙසවන් පැටළී සිතු සේ
හමුවෙනු මැන බාධක බිඳ දා....

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   උපාලි කන්නන්ගර
Singer :   චන්ද්‍රකුමාර කඳනආරච්චි