Maga thotadee
මග තොට දී හමු වෙත් දී
Music :   ක්ලැරන්ස් විජේවර්ධන
Singer :   මිල්ටන් මල්ලවාරච්චි

මග තොට දී හමු වෙත් දී ...

මග තොට දී හමු වෙත් දී
අපට කතා හැදුණා..
ලොව කැළඹී ගිනි ගත් දී
දෙදෙනා කතා කෙරුවා....

අවදි වෙලා සිත අමුතු හැඟුම්
සැඟ වී දිනූ පෙම එළි වූ බැවින්
මුහුණු වසා ගෙන කඳුළු පුරෝගෙන...
දෙදෙනා බලා සිටියා...

විසඳී අතීරණ නොසිතූ ලෙසින්
දෙරටේ විසූ අප එක් වූ බැවින්..
නැකත උදා වුණ සතුට දරාගෙන...
කඳුළු කඩා වැටුණා...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ක්ලැරන්ස් විජේවර්ධන
Singer :   මිල්ටන් මල්ලවාරච්චි