Lowa nisasala vee...
ලොව නිසසල වී...
Music :   වික්ටර් රත්නායක
Singer :   නිරංජලා සරෝජිනී

ලොව නිසසල වී......

ලොව නිසසල වී නවතින මොහොතේ
යටි සිත් මතුකොට සිනහ සලා..
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහ වෙලා..

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොඳ වී යයි ආදරයක ලස්සන,
දෙහිතේ හිරවී ඇති තුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන..

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සගළින් හෝ ඉගි නොකරනු මැන..
සිතින් දෙදෙන එක තැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කර ගනු මැන..

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   වික්ටර් රත්නායක
Singer :   නිරංජලා සරෝජිනී