Atasakilla wage (Kakille Rajjuruwo)
ඇටසැකිල්ල වාගේ ( කැකිල්ලෙ රජ්ජුරුවො)
Music :  
Singer :   ෆ්‍රෙඩී සිල්වා

ඇටසැකිල්ල වාගේ ( කැකිල්ලෙ රජ්ජුරුවො)...

ඇටසැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
රාජ සභාවේ අසුන බලා....
අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි ඔය එන්නේ
ඉඳපල්ලා නිෂ්ශබ්ද වෙලා...//

නුවණක්කාරගේ මොට්ටපාල...

මොට්ටපාල උඹ වැරදිකාරය ද
ඒබරං ගෙ කණ කැපුවාට
ඇත්ත නොකීවොත් කසෙන් ගහනවා
පේන තුරා හඳෙ ආවාට...
කොණ්ඩෙ කපද්දී බෙල්ල ඇල්ලුව ම
මිනිහට හංකිති කැවුණා
මිනිහ හිනා වී කලබල කෙරුව ම
දැළි පිහියට කණ කැපුණා...

බේගල් හාමුගේ සත්‍යපාල...

බේගල් හාමුගෙ සත්‍යපාල උඹ
නැන්සි අක්කලගෙ කුකුළා
මල්ලක දාගෙන ගියයි කියන්නේ
ඇත්ත ද අත්තටු හකුළා...
බේගල් හාමුගෙ සත්‍යපාල මම
එනමුත් කියන්නෙ ඇත්තයි
මම ඔය කුකුළව සොරකම් කෙරුවේ
නැන්සි අක්ක දැනුවත්වයි...

දෙපැත්තෙ කාරණ සළකල බලලයි
දෙන්නෙ තීන්දුව උදහස්
පැමිණිළිකරුවොයි වැරදිකාරයෝ
විත්තිකාරයෝ නිදහස්...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :  
Singer :   ෆ්‍රෙඩී සිල්වා