Kandulak watenam
කඳුළක් වැටේ නම්
Music :   ස්ටැන්ලි පීරිස්
Singer :   රෝහණ බෝගොඩ

කඳුළක් වැටේ නම්...

කඳුළක් වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නේ කවද ද ආයේ..
සිතේ රැඳෙන්නේ ඔබගේ ම රුවමයි
හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා
කඳුළක් වැටේ නම් පිසලන්න ආයේ.....

අප හමුවුණු ඒ ගහකොල කොතැනේ
සිත රිදවන්න මෙසේ....
ආදර ලොවකට කොතැන ද මායිම්
වෙන්වුණු සිත් වල මතක ලොවේ
එක්වන්නට බැරි නම්.....

සිත සිහිනයකි නෙත එක රැයකී
යළි සසඳන්න බැරී....
පාලුව තනිකම විද ගත හැකි නම්
ලං වුණු වුන් දුර ගිය ද නොවේ
එක්වන්නට බැරි නම්.....

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ස්ටැන්ලි පීරිස්
Singer :   රෝහණ බෝගොඩ