Ipaduna da maa..
ඉපදුන දා මා
Music :  
Singer :   නිර්මලා රණතුංග

ඉපදුන දා මා...

ඉපදුණ දා මා හඩා වැටෙන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇතී.....
දෙතනේ කිරි දී මා සනසන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇතී.......

බඩගා දණගා මා නැගිටින්නැති
වැටි වැටි යළි නැගිටින්න ඇතී.....//
අම්මේ ඔබ හිනැහෙන්න ඇතී......

මට නැගිටින්නට ඔබ අත දෙන්නැති
අම්මා මා සිප ගන්න ඇතී........//
අම්මේ ඔබ හිනැහෙන්න ඇතී.....

වන්දි ගෙවන්නට අද මට පිං නැති
බුදුන් වදින ලෙස වදිමි වැටී.......//
ඔබ මතු බුදු බව ලබනු ඇතී......////

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :  
Singer :   නිර්මලා රණතුංග