Hemin Sare Paa Nagana
හෙමින් සැරේ පා නඟනා...
Music :   ක්ලැරන්ස් විජේවර්ධන
Singer :   මිල්ටන් මල්ලවාරච්චි
දිනක් මිල්ටන් මල්ලවාරච්චියන්ගේ නිවසට ප්‍රේමකීර්ති ද අල්විස් පැමිනියේ අහම්බයකිනි. ඔහු පැමිණෙන විට මිල්ටන්ගේ කුඩා දියනිය පියාගේ අතින් අල්ලාගනිමින් සෙමින් පියවර තබමින් උන්නාය.
එය දුටු ඔහුට එම කුඩා දරුවා පිළිබඳ මහත් ආදරයක් ඇතිවිය.


හෙමින් සැරේ පා නඟනා......


හෙමින් සැරේ පා නඟනා.....

හෙමින් සැරේ පා නඟනා දුවේ හර්ෂණි
සිනා සිසී දඟ කරනා දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී

ජීවිතයේ මාළිගාව සතුට පුරා දී මනාව
වාසනාව මට ගෙනාව කැකුළු සුවඳ කිරි සිනාව..
මල් සුවඳයි.......පින් සුවඳයි.

රෝස මලක පාට ගෑව ආකාසේ හැන්දෑවක
ඈත ඇදෙන කුරුළු රෑන ගයන ගීත ඉල්ලාගෙන
මුමුනන්නම්.... නළවන්නම්.......

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ක්ලැරන්ස් විජේවර්ධන
Singer :   මිල්ටන් මල්ලවාරච්චි