Bari bara hindai
බැරි බර හින්දයි දරුවන් දුන්නේ
Music :   වික්ටර් රත්නායක
Singer :   එඩ්වඩ් ජයකොඩි

බැරි බර හින්දයි දරුවන් දුන්නේ...

බැරි බර හින්දයි දරුවන් දුන්නේ
දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ
මිත්තනිය ව ඔබ මිනිබිරියන්ගෙත්
බර ඇයි උහුලන්නේ අම්මේ...

කොලින් කොලට අතු ඉති පල දැරුවත්
ගහ වැඩි පුර ගෙඩි බිම හෙලුවා
හිසෙත් හිතෙත් බර කොතරම් තිබුණත්
ඔබට එකයි කාගෙත් දරුවා...

වැරහැලි ඇඳලා සැප නැත දැකලා
රුව දුටුවම හදවත ඇල් වෙයි
ඔබ බුදු වන්නේ ගහ කොල යට නොව
ගිහිගෙයි ගින්දර ලිප මුල්ලේ...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   වික්ටර් රත්නායක
Singer :   එඩ්වඩ් ජයකොඩි