Banen banda raja rata....
බානෙන් බැඳ රජ රට
Music :   වික්ටර් රත්නායක
Singer :   සුනිල් එදිරිසිංහ
ගවයා, කෙත, මව හා කළ ගුණ නොදත් මිනිසුන්ගේ කතාව....

බානෙන් බැඳ රජ රට ...

බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ
පිහියේ මුවහත ගෙල සිප ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

උගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

බානෙන් බැඳ...

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල හැපී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
සිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ///

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   වික්ටර් රත්නායක
Singer :   සුනිල් එදිරිසිංහ