Aathma Gananaka Sithuvili
ආත්ම ගණනක සිතුවිලි අතරේ
Music :   සරත් බාලසූරිය
Singer :   ශ්‍රීමතී තිලකරත්න

ආත්ම ගණනක සිතුවිලි අතරේ...

ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙඅතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසු වන්නේ...

සඳ වත පායන රෑ කල අහසේ
කැළතී කැළතී සිත් යහනේ
මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙ ද
පාලුව තනිකම පටළාලා...

මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවන ද ඔබෙ ප්‍රේමේ...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   සරත් බාලසූරිය
Singer :   ශ්‍රීමතී තිලකරත්න