Ape Hangum walata idadee
අපෙ හැඟුම් වලට ඉඩ දී
Music :   වික්ටර් රත්නායක
Singer :   වික්ටර් රත්නායක

අපෙ හැඟුම් වලට ඉඩ දී ...

අපෙ හැඟුම් වලට ඉඩ දී මොහොතක්..
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ .. මඳ අඳුරේ..
අත් පටලා යමු ආයේ....

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ... මඳ අඳුරේ....
හඳපානේ.. මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ..

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන් වී හිමිදිරියේ
හඳපානේ... මඳ අඳුරේ....
අත් පටලා යමු ආයේ...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   වික්ටර් රත්නායක
Singer :   වික්ටර් රත්නායක