Andura watunu veediye
අඳුර වැටුණු වීදියේ
Music :   රෝහණ වීරසිංහ
Singer :   මිල්ටන් මල්ලවාරච්චි

අඳුර වැටුණු වීදියේ ...

අඳුර වැටුණු වීදියේ................
වැහි කඳුළු ඉහිරිලා
පහන් කණුව ඔබ කොහිදැයි සොයමි තනිවෙලා.......

එදා සඳක් සේ බැබළී මාවත පෙන් වූ
අඳුර කපාගෙන යන්නට එළි වැල් දැල් වූ
අනෝරාවෙ මහ වැස්සේ තනි මඟ තනි වූ
ඔබට ත් මා නොපෙනේ අද තනියම තනි වූ

එළිය දි දී කවුරුත් නැති වීදියෙ පාලූ..
එළිය නිවුණ දා ඔබටත් ඔබ නොපෙනේ ලූ
වළාකුලට එක්වුණු දිය බිම වැටුණා ලූ
එක් වී වෙන් වී ගියමුත් නොවෙති ද යාලූ...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   රෝහණ වීරසිංහ
Singer :   මිල්ටන් මල්ලවාරච්චි