Sithum pathum sanda
සිතුම් පැතුම් සඳ ආදරේ
Music :   පී. එල්. ඒ. සෝමපාල
Singer :   එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
තනුව : "තුම්සෙ අච්චා කෝන් හේ" හින්දි චිත්‍රපටියේ ශංකර් ජායි කිෂන් තනු නිමැවූ "ජනම්
චිත්‍රපටිය : අබිරහස ( 1971)
ඉදිරිපත් කිරීම : නිමලවීර චිත්‍රපට
නිෂ්පාදනය සහ ශබ්ද පරිපාලනය : නිමල් වීරක්කොඩි
අධ්‍යක්ෂණය : ලෙනින් මොරායස්

සිතුම් පැතුම් සඳ ආදරේ ...

සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ...
සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ වා
මහදේ සොඳුරු අහසේ අනාගතේ...

පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී යළි උන් ඉගිලෙනවා...
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී මල වට ඉගිලෙනවා...

තනි වුණු කතරක මා ඉන්නේ
කෙළෙස ද පිය මැන පිටවන්නේ...
තනි වුණු කතරක මා ඉන්නේ
ඔබ සමඟිනි මා පිටවන්නේ...

හදවත විල් දිය චංචල වේ
ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ...
හදවත විල් දිය චංචල වේ
ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ...

සැතපෙන කල දුටු නිදි යහනේ
එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ...
සැතපෙන කල දුටු නිදි යහනේ
එළිවෙනවා රෑ දුටු සිහිනේ...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   පී. එල්. ඒ. සෝමපාල
Singer :   එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක