Punchi panthiwala
පුංචි පන්ති වල
Music :   ටියුලින් ජයරත්න
Singer :   ටී.එම් ජයරත්න

පුංචි පන්ති වල...

පුංචි පන්ති වල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදෙන්ම පාසල් අරගෙන ආවෝ
මේ පොඩි පැටවුන් දෙමව්පියෝ..

මව්වරු ඇති නැති පියවරු දැක නැති
දරුවන් කොතරම් මෙහි ඇතිදෝ
උන්ගේ සිත් වල මොන වගෙ දේවල්
මොන විදිහට හිර වී ඇතිදෝ...

වැඩිහිටියන්ගේ නොමනා කම් වල
දුක උහුලන්නේ පොඩි දරුවෝ
උන්ගේ නාමෙන් එකමුකු වීයන්
දෙපිල බෙදී ඇති දෙමවිපියෝ...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ටියුලින් ජයරත්න
Singer :   ටී.එම් ජයරත්න