mihirathi wasantha
මිහිරැති වසන්ත කාලේ
Music :   ටී.ෂෙල්ටන් පෙරේරා
Singer :   ටී.ෂෙල්ටන් පෙරේරා

මිහිරැති වසන්ත කාලේ...
මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ...

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ලතවෙයි රැඳී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ...

දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදා වූ
යුගයකි ගෙවා නිමා වූ...
Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ටී.ෂෙල්ටන් පෙරේරා
Singer :   ටී.ෂෙල්ටන් පෙරේරා