Ananthayata Ma Igilena
අනන්තයට මා ඉගිළෙන
Music :   වික්ටර් රත්නායක
Singer :   ශ්‍රීමතී තිලකරත්න

අනන්තයට මා ඉගිළෙන...
අනන්තයට මා ඉගිළෙන 
ඔබේ සිතුම් රේඛාවේ
අනාගතය ලියා තබමි 
ඈත සොඳුරු ආකාසේ
ඈත සොඳුරු ආකාසේ..

චන්දන සුවඳින් නැහැවී
හිම ගත වන අරණ තුලින්
ඔබ මෙහි එන සිහින වළා
ඉහට උඩින් ඇත ඉසලා...

සතුටු සුවය තුරුළු කරන්
නිධානයක රුවන් දොරින්
හෙට අලුයම මගෙ කුටියට
එනු මැන තනිකම පිසදා......

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   වික්ටර් රත්නායක
Singer :   ශ්‍රීමතී තිලකරත්න