Kandulu Pirunu Dase
කඳුළු පිරුණු දෑසේ
Music :   මොහොමඩ් සාලි
Singer :   ලක්‍ෂ්මන් රුද්‍රිගු

කඳුළු පිරුණු දෑසේ...

කඳුළු පිරුණු දෑසේ ඇඟිළි තුඩු තබා
පිසදා සිනා සී පිපිලා මලක් සේ
සිනහසෙන්න මැණිකේ...

රෑ සීත ඈතින් ගලාලා
වෑහේවි සඳකැන් නුරා
මා හා රැඳීලා අත්වැල් බැඳීලා
ඉන්න මහද සෙවනේ...

පාවේව ඒ දුක් අතීතේ
ආලෝකෙ අළුතින් ලබා
මා හා දයාවේ මුතු මල් තලාවේ
එන්න යන්න රහසේ..

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   මොහොමඩ් සාලි
Singer :   ලක්‍ෂ්මන් රුද්‍රිගු