Hada Puda Asune
හද පුද අසුනේ
Music :   සනත් නන්දසිරි
Singer :   මල්කාන්ති පීරිස්/නන්දසිරි සමඟ රූපා ඉන්දුමතී
ප්‍රේමකීර්ති නම් ඒ අපූර්ව ගේය පද රචකයාගේ අහඹු සම්ප්‍රාප්තිය එදා 1969 දී සිදු වූයේ මෙම ගීයත් සමඟය.

හද පුද අසුනේ...

හද පුද අසුනේ සෙනෙහස බැඳුණේ
යුගයක පිය සටහන් මත්තේ
ජීවන මී බිඳු කඳුළක් වීලයි
ඔහු ලඟ ඔබ මෙන් මා ඇත්තේ.....

සෙනෙහස ම්තුයේ හිනැහෙන දෙතොලේ
ඊයේ මෙන් හෙට මම ඉඳිමි
ඒ තුටු උළෙලේ ඈ හිනැහෙද්දී
සිහිනෙන් මම ඔය පා වඳිමි....

සැනසුම අතරේ නෙත් යුග හඬවා
මම කඳුළැල්ලට තුරුළු වෙමී
ඒ තෙත පින්නේ නිදිකුම්බා මල්
කැකුළක් වී මුව සුවඳ දෙමි.......

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   සනත් නන්දසිරි
Singer :   මල්කාන්ති පීරිස්/නන්දසිරි සමඟ රූපා ඉන්දුමතී