Kandulal Sala
කඳුළැල් සලා දෙනෙත් පියවිලි
Music :   ස්ටැන්ලි පීරිස්
Singer :   එච්. ආර්. ජෝතිපාල
මෙම ගීතය භාරත සංගීතඥ රවී ශංකර් ශර්මා ශූරීන්ගේ හින්දි තනුවකට නිමැවූ ගීයක් ලෙස සඳහන් වේ

කඳුළැල් සලා දෙනෙත් පියවිලි...

කඳුළැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ..
ඇයි මිහිරියේ තනි වී කිව මැන කල්පනා ලොවේ

මතුවේ සිහින් සුසුම් රැළි හද විල් දියේ මගේ
කිසිවක් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ
රැජිනි ඔබයි උදාරියෙ මගෙ දිළිඳු ලෝකයේ..
ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුළැල් සළා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ..

මා වෙසෙන තුරු ලොවේ ඔබ කිසි දිනක තනි නොවේ
හමු වෙන්න එමි ප්‍රියේ අද මෙන් මතු ද මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවියේ
ඇයි මිහිරියේ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුළැල් සළා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ස්ටැන්ලි පීරිස්
Singer :   එච්. ආර්. ජෝතිපාල