Kawda oba kawrundo
කවුද ඔබ කවුරුන් දෝ
Music :   පී. එල්. ඒ. සෝමපාල
Singer :   එච්. ආර්. ජෝතිපාල
තනුව : මන්සූර් අස්රාෆ්
චිත්‍රපටය : ශාන්ති (1974)
අධ්‍යක්ෂණය : විල්ෆ්‍රඩ් සිල්වා

රංගන සහාය : ශ්‍රියානි අමරසේන

1974 දී විල්ෆ්‍රඩ් සිල්වා අධ්‍යක්ෂණය කළ "ශාන්ති" සිංහල චිත්‍රපටයේ ගීයකි. මෙම ගීය රඟමින් ගායනා කළේ නැසී ගිය එච්. ආර්. ජෝතිපාලයන්ය.

කවුද ඔබ කවුරුන් දෝ...

කවුද ඔබ කවුරුන් දෝ
මලක පිනි බිඳුවක් දෝ
නිහඬ වීලා මන් දෝ
පවසන්නෙ මොනවා දෝ
සිතුවාට නැත සිතෙන්නේ......

මදහාස බැල්මෙන් තී මා මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන් නැද්ද නෙත් සළන්නේ
සඳපායලා ආ ඒ ඔබ දෝ වසන්තේ
සැළලිහිණි ගී පිළිරැව් හඬ දෝ දසන්තේ
එදා සීගිරීයෙහී ඇඳුණු රුවක් දෝ
රුවක් දෝ...රුවක් දෝ..

වළාකුල වගේ පීරූ හිස පිරිමදින්නම්
නෙළා ඕළු මානෙල් මල් ගෙල පළඳවන්නම්
මගේ ආදරේ සතුටින් පිළිගන්නවා නම්
උදේ මෙන් දිවා රෑ මම් පණ සේ රකින්නම්
හිතා ගන්න බෑ තාමත් ඔබ කාගෙ කවු දෝ
කවු දෝ...කවු දෝ.......

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   පී. එල්. ඒ. සෝමපාල
Singer :   එච්. ආර්. ජෝතිපාල