Paba sara ran pabalu
පබ සර රන් පබළු..
Music :   මර්වින් පෙරේරා
Singer :   මර්වින් පෙරේරා

පබ සර රන් පබළු.. ...

පබ සර රන් පබළු..
මිණි මුතු කැන් ඔපලූ..
රජ කිරුළු අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැළැවෙන මල් පවනේ
දිළිඳු පැලේ එළිය ඇතේ...

ගඟ බැස යේ සයුර බලා
හිරු හිනැහේ නෙළුම නෙළා..
නෙත සිත හා එකතු වෙලා
ඔබ දැකුමින් උමතු වෙලා..

කළුවර රෑ රළු අහසේ..
තරු වැල හා අඩ සඳ සේ....
නොපිරුණු මේ සිතට මගේ
ඔබ ගෙන එයි සතුට අගේ.....

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   මර්වින් පෙරේරා
Singer :   මර්වින් පෙරේරා