Diyaluma diya ali
දියලුම දිය ඇලි දිය රැළ හා
Music :   මර්වින් පෙරේරා
Singer :   මර්වින් පෙරේරා

දියලුම දිය ඇලි දිය රැළ හා...

දියලුම දිය ඇලි දිය රැළ හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා...

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතු සේ...

සඳවත කුමටද ඔබ නැති දා
හිරු නැඟ පල නැත ඔබ නැති දා
සඳ හිරු හා ආදරේ
මොකටද ඔබ නැති දා...

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයෙ
රසයේ කිමිදී පැතු සේ...

පියබර සිතුවිලි මුතු අමුණයි
සවනට සැනසිලි හඬ මුමුණයි
කැලඹෙන මේ ලෝකයේ
සහනය ඔබ පමණයි...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   මර්වින් පෙරේරා
Singer :   මර්වින් පෙරේරා