Hiru Pibidenavita
හිරු ඉපදෙනවිට නෙලුම් පිපෙන ලෙස
Music :  
Singer :   අනිල් භාරතී

හිරු ඉපදෙනවිට නෙලුම් පිපෙන ලෙස ...

හිරු ඉපදෙනවිට නෙලුම් පිපෙන ලෙස
මට ඔබ විස්වාසයි
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විස්වාසයි

දෙදෙනා බැඳි පෙම දෙදෙනා සුරකින
බව මට විස්වාසයි
අවිහිංසක ඔබ මට හිංසාවක්
නොකරනු විස්වාසයි
අතැඟිලි පටලා බැඳ ගත් දම්වැල
නොබිදෙනු විස්වාසයි
සඳකඩ පහනක් ලෙස මා පාගා
සැපගනු විස්වාසයි

අපමන බාධා ආවත් ඔබ මට
ගැති බව විස්වාසයි
කාට අකීකරු වූවත්
මට කී..කරු වනු විස්වාසයි
මා හරි දිලිඳුයි පෝසත් නොමවෙයි
ඒකත් විස්වාසයි
රජ ඉසුරට ඔබ ලෝබවි
මා හැර යයිදෝ විස්වාසයි

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :  
Singer :   අනිල් භාරතී