Danagaddi awidinnata
දණ ගාද්දී ඇවිදින්නට..
Music :   පුණ්‍යසිරි මහවත්ත
Singer :   සිසිර කුමාර ප්‍රනාන්දු

දණ ගාද්දී ඇවිදින්නට.....

දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න
ගුරු හරු කම් හොඳ නොහොඳ ත් කියලා දුන්න
මහළු ව බැරි වුනාම ඔබ හට ඇවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න......//

ලෙඩක් දුකක් හැදුනාමත් ළඟම දැවටෙන
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින......

වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා
මම තරුණෙකි කවදා හෝ එය ඉටුවෙන දා...
දෙපා නැමඳ බුලත් අතින් තෑගී ගෙනෙන දා
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවරදා.....

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   පුණ්‍යසිරි මහවත්ත
Singer :   සිසිර කුමාර ප්‍රනාන්දු