Surangeeta Duka Hithuna
සුරංගී ට දුක හිතුණා
Music :   නන්දා මාලිනී
Singer :   නන්දා මාලිනී

සුරංගී ට දුක හිතුණා...

සුරංගී ට දුක හිතුණා
යටි තොල කණපිට හැරුණා
මුහුණ රෝස පාටින් පිරුණා
කඳුළු පේළියක් වැටුණා.....

වැස්සක් අහසින් වැටුණා
ගඟට කඳුළු බිඳු එකතු වුණා
කැළේ මැදින් ගඟ ඇදුණා...........

ඒ ගඟ මුහුදට වැටුණා....
මුහුදේ පතුලට කිඳුණා
මුතු බෙල්ලෙකු කුස රැඳුණා
දවස් ගණන් එහි තිබුණා
ඒ කඳුළෙන් මුතු හැදුණා.....

මුතු කැට ගොඩට ගෙනා කරාබු යුවලක රැඳුණා
ඒ කරාබු ගෙදර ගෙනා සුරංගීට දැන් හරි ම හිනා
කනට තෝඩු පළඳවනා කන්පෙති කටුවෙන් විදිනා
දවසක් එන බව හැඟුණා........

තාත්තාට දුක හිතුණා........

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   නන්දා මාලිනී
Singer :   නන්දා මාලිනී