Bindumathee
බිංදුමතී...... බිංදුමතී......
Music :   වික්ටර් රත්නායක
Singer :   වික්ටර් රත්නායක

බිංදුමතී...... බිංදුමතී.........
මං ආදර පෙම්මාදර බිංදුමතී..
පෙමා වඩන ලද බිංදුමතී..

කළු උක්ගස විලසා කළු, කළු නංගීයේ
දර කඩලා ඉහ තියලා කොහි දෑ ගියේ..
ගොම්මං සමයමටා ගම හොල්මං තියේ
නුඹ එක්කා මා එන්නා යම නංගියේ..

ලිඳ ළඟටා යන්ට එපා දියබරියා කයි
වැට ළඟටා යන්ට එපා කබරගොයා එයි
ගඟ ළඟටා යන්ට එපා අබිමානා එයි..
පිට ගමටා යන්ට එපා මා මෙහි තනිවෙයි...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   වික්ටර් රත්නායක
Singer :   වික්ටර් රත්නායක