Bandi Adarayata Mage...
බැඳි ආදරයට මාගේ...
Music :   හින්දි ගී තනුවකින්
Singer :   ජී. එස්. බී. රාණි පෙරේරා

බැඳි ආදරයට මාගේ......

බැඳි ආදරයට මාගේ
පිටුපා යාවි ද වෙන් වී......//
පර වී බිම වැටුණාවේ
පෙම් මල මහද ලතාවේ...
බැඳි ආදරයට මාගේ
පිටුපා යාවි ද වෙන් වී......//

රළ නැවතී දිය සිඳුණා
ගලනා දිවි යමුනාවේ...
හඬ සිඳුණා තත බිඳුණා
මගෙ රන් මිණි වීනාවේ...
ආශා සුළඟක පාවී
සුහදේ ඇයි තව නාවේ......

ලිය මඬුලේ තුරු වදුලේ
ඔබෙ රුව මට පෙනුණාවේ...
ගඟුලැල්ලේ දිය ඇල්ලේ
ඔබෙ හඬ මට ඇසුණාවේ...
ආශා සුළඟක යා වී
එනු මැන මා වෙත පා වී......

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   හින්දි ගී තනුවකින්
Singer :   ජී. එස්. බී. රාණි පෙරේරා