Bala Hindinu Kima
බලා හිඳිනු කිම
Music :   රංජිත් යාපා ද අල්විස්
Singer :   චන්ද්‍රිකා සිරිවර්ධන

බලා හිඳිනු කිම...

බලා හිඳිනු කිම තෙල් මල් අරගෙන
දෙවොලට එන තුරු දෙව් රදුනේ
අසුනින් නැගිටී මේ ගෙට ඇවිදින්
විමසන් සුව දුක් දෙව් රදුනේ.....//

ගහක කොළක නැහැ පළතුරු ඉදිලා
පූජා වට්ටිය සරසන්ටා...
කාසි පනම් නැහැ ඒ මත තියලා
සුපුරුදු ලෙස පූජා දෙන්ටා...

ගැති වී නිරතුරු ආවෙමි දුරු රට
ගත අත සවි දා පෙර දවසේ...
ඒ හිතවත් කම අමතක දෝ අද
බැරි දා එන්නට පෙර විලසේ...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   රංජිත් යාපා ද අල්විස්
Singer :   චන්ද්‍රිකා සිරිවර්ධන