Awe Kage Kawudo
ආවේ කාගේ කවුදෝ
Music :   සරත් බාලසූරිය
Singer :   ප්‍රියා සූරියසේන, ලක්ෂ්මන් රොද්‍රිගෝ සහ බන්දු රණසිංහ
චිත්‍රපටිය : සිකුරු දසාව ( 1977 අගෝස්තු 12) චිත්‍රපට අධ්‍යක්ෂණය : සිරි කුලරත්න නිෂ්පාදනය : ආතර් ද සිල්වා

ආවේ කාගේ කවුදෝ...
ආවේ කාගේ කවුදෝ...

ආවේ කාගේ කවුදෝ
වාසේ දේසේ කොහෙදෝ
නෑ නෑ වංසේ සෙව්වෙ
කාගේ කවුදෝ කිව්වෙ
කාලා බීලා සාමෙන් ඉන්නේ
අපි කාලා බීලා සාමෙන් ඉන්නේ....

තරම තිරම මොටද හොයල බලන්නේ
ලෝකෙ මිනිස්කමයි වටින්නේ
හිංසා... හිංසා...
පීඩා... පීඩා...
වංචා... නෑනේ...
දෛවේ තාලේ කවුරුද දන්නේ
අපේ දෛවේ තාලේ කවුරුද දන්නේ...

කහළ ගොඩක නොවෙද මැණික උපන්නේ
මාලෙ බැඳල එය ගෙල ලන්නේ
වාදේ... වාදේ...
බේදේ... බේදේ...
ඕනෑ... නෑනේ...
ඒ හින්දා අපි පැදුරෙ ලගින්නේ
අද ඒ හින්දා අපි පැදුරෙ ලඟින්නේ...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   සරත් බාලසූරිය
Singer :   ප්‍රියා සූරියසේන, ලක්ෂ්මන් රොද්‍රිගෝ සහ බන්දු රණසිංහ