Adara suba wasana
ආදර සුබා වාසනා වේවා...
Music :   සරත් බාලසූරිය
Singer :   ශ්‍රීමතී තිලකරත්න
"අමරස පෙම්" ශ්‍රීමතී තිලකරත්න සංයුක්ත තැටිය

ආදර සුබා වාසනා වේවා......

ආදර සුබා වාසනා වේවා...//
ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී
ඔබෙ යෙහෙළි තනි වේවි
මුකුළිත වී....

බාල වියේ සිහින ලොවේ මේ ගුරු පාරේ
දෑත බැඳන් පිය මැන ආ එකට පාසැලේ
අකුරු කියවලා අතුරු මිතුරු වී
මා හා...

තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ
කඳුළු බිඳී දෙනෙත තෙමී ඒ තුටු පහනේ
නැවත එනු සොයා දෙදෙන තිදෙන වී
මා සොයාලා...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   සරත් බාලසූරිය
Singer :   ශ්‍රීමතී තිලකරත්න