Ahase Liyuwath Polawe Ketuwath
අහසෙ ලියූවත් පොළවෙ කෙටූවත්
Music :   ටී. එෆ්. ලතීෆ්
Singer :   එච්. ආර්. ජෝතිපාල
තනුව : 1944 දි තිරගත වූ "Rattan" හින්දි චිත්‍රපටයේ එන
" Ankhiyan mila ke.."නම් ගීතයේ තනුව යි.

1973 දී කිංස්ලි රාජපක්ෂ නිමැවූ "සිනාවයි ඉනාවයි" චිත්‍රපටයට ඇතුලත් වූ ගීයකි. මෙහි රංගනයෙන් පෙනී සිටියේ තිස්ස විජේසුරේන්ද්‍ර යි.


අහසෙ ලියූවත් පොළවෙ කෙටූවත්...

අහසෙ ලියූවත්......

අහසෙ ලියූවත් පොළවෙ කෙටූවත්
කළ නොහැකිය නිම් පුවත අපේ පෙම්..

ආ යන්නෙන් ආදර ගීතේ
මුලින් ලියූ සිහින පොතේ හී
සීගිරියේ ගී වැල් වාගේ
දෙදෙනාගෙ ම මතකෙ තියේ වී
දේ දුන්න ලෙස මැකී නොයේවා
ආවත් වියෝග අන්ධකාරේ

මුව පියුමේ උතුරන සීතේ
මම නිරතුරු රැඳෙමි දයාවී
අප ගැන පඬිවරු ද කතා වී
මතු ඉතිහාසයෙ ද කියා වී
රාමා සීතා කතන්දරේ මෙන්
යුගයෙන් යුගයට එය පැතිරේවී

අඳුන් ඉලූ දෙකොපුල් යහනේ
විඩා නිවා ලැඟුම් ලබන්නයි
පියෙන් පියට අත්වැල් පටලා
දිවි ඇති තුරු ගමන් කරන්නයි
මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු
ආදරයේ තනි නවාතැනේ මේ

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ටී. එෆ්. ලතීෆ්
Singer :   එච්. ආර්. ජෝතිපාල