Hithin Maa Nosalee Hindiddee
හිතින් මා නොසැළී හිඳිද්දී
Music :   ස්ටැන්ලි පීරිස්
Singer :   ටී. එම්. ජයරත්න

හිතින් මා නොසැළී හිඳිද්දී...
හිතින් මා නොසැළී හිඳිද්දී...................

හිතින් මා නොසැළී හිඳිද්දී කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිණු මැනැවි..

තනිව මා හඬනා වෙලාවේ සැළි සැළී සීතේ
වැටුණු මහ වරුසා මතක් වේ නුඹ රැඳී දෑසේ..

හිතින් මා නොසැළී හිඳිද්දී................

තවම මා නොදුටූ සිනා කැන් හමු නොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි අයැදිමී නිබඳේ

හිතින් මා නොසැළී හිඳිද්දී................

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ස්ටැන්ලි පීරිස්
Singer :   ටී. එම්. ජයරත්න