Miyuru Kalpanaa
මියුරු කල්පනා
Music :   සරත් දසනායක
Singer :   වික්ටර් රත්නායක
1974 දී තිර ගත වූ රංජිත් පෙරේරා අධ්‍යක්ෂණය කළ "දිනුම් කනුව" චිත්‍රපටයේ ගීතයකි.

මියුරු කල්පනා...

මියුරු කල්පනා නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුණා
වරෙක නැළවුණා..වරෙක ළතැවුණා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුණා....
මියුරු කල්පනා.....

හිම ගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්...

පිනි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්............

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   සරත් දසනායක
Singer :   වික්ටර් රත්නායක