Alle Gagulalle
ඇල්ලේ ගඟුලැල්ලේ
Music :   පී. එල්, ඒ. සෝමපාල
Singer :   එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක
1973 දී තිරගත වූ මෙරිල් ඇල්බට් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ "දාහකින් එකෙක්" සිංහල චිත්‍රපටියේ ගීයකි........ රංගන දායකත්වය විජය කුමාරතුංග සහ මාලිනි ෆොන්සේකා

ඇල්ලේ ගඟුලැල්ලේ...

ඇල්ලේ ගඟුලැල්ලේ
සුව සීතල දෙන ජීවනයේ.
කැල්මේ ප්‍රිය බැල්මේ
සුව දෙනු මැන ප්‍රිය දේහිනියේ
බැන්දේ නෙත බැන්දේ
මදහස පමණයි එය නයනේ
ඉන්නේ ලත වෙන්නේ
ඔබ එනතුරු මේ ජීවිතයේ

සංගීතයයි ඔබ ආදරේ
පෙර ඇසුවා වූ මින් පෙර ආත්මයේ
නැගෙනා සිතුම් මැද කාන්සියේ
ඔබ වෙනුවෙන් උපන්නා ද මාත් මෙසේ...

බැන්දේ නෙත බැන්දේ
මදහස පමණයි එය නයනේ
ඉන්නේ ලත වෙන්නේ
ඔබ එනතුරු මේ ජීවිතයේ

සඳ නම් ඔබේ වත රාත්‍රියේ
තරු එළියෙන් සොයා එමි මේ ලෙසේ
සංගීතයයි ඔබ ආදරේ
පෙර ඇසුවා වූ මින් පෙර ආත්මයේ
පරවී නොයන්නෙමි මේ භවේ
ඔබෙ සෙවනෙහි හිඳින්නෙමි මා මෙසේ
නැගෙනා සිතුම් මැද කාන්සියේ
ඔබ වෙනුවෙන් උපන්නාද මාත් මෙසේ

කැල්මේ ප්‍රිය බැල්මේ සුව දෙනු මැන ප්‍රිය දේහිනියේ
ඇල්ලේ ගඟුලැල්ලේ සුව සීතල දෙන ජීවනයේ.........

රස මී දරා මුව මී විතේ
ගඟ බැස යාවි සොයමින් සාගරේ
නොපැතූ පැතුම් මැද ජීවිතේ
යළි හිනැහෙන්න පෙන්වා ආදරේ

නින්දේ සුව නින්දේ
සිත සැතපෙනවා සුව නින්දේ.......
වින්ඳේ අද වින්ඳේ
පෙර නොලැබූ සුවයකී වින්ඳේ.....

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   පී. එල්, ඒ. සෝමපාල
Singer :   එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක