Neela goyam ralle
නීල ගොයම් රැල්ලේ පාවෙලා
Music :   වික්ටර් දළුගම
Singer :   ඇන්ජලින් ගුණතිලක

නීල ගොයම් රැල්ලේ පාවෙලා...

නීල ගොයම් රැල්ලේ පාවෙලා
ඈත සිසිල් සුවඳේ හා වෙලා
රෑට පැලේ තනි වී ගී ගයා
උදේ මා බලන්නට එනවා දෝ ඔයා...

ඈත පුරා අස්වනු පීදුනා
කෙත සාර වීය මාගෙ පිනින් නෑවිලා
ලබන මහේ එක පැලකට වෙලා
ඉඳිමු මිහිරේ සතුටින් සැනසිලා...

මිහිරි රසින් දහවල බත උයා
හැමදාම ගේනවා කුඹුරට හිස තියා
කිරළ ගහේ හෙවනට ළංවෙලා
ඉඳිමි මිහිරේ ඔබ එනතුරු බලා...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   වික්ටර් දළුගම
Singer :   ඇන්ජලින් ගුණතිලක